Sunday, October 23, 2011

..:: රූපවාහිනීවල ලෙඩ සුවකරන්න අත්වැල් බැඳගන්න-TV Memary ic DATA ::..

ඉතින් යාලුවනේ,නිතර යාවත්කාලීන කරනවා කීවත් එසේ කිරීමට නොහැකි වුනේ දැඩි කර්යයබහුලත්වය නිසාය.මුලින්ම ඒ පිළිබඳ සමාව ඉල්ලමින් අපගේ දෙවන ළිපිය ඉදිරිපත් කිරීමට අදහස් කලා.මෙම ළිපිය ඉලෙක්ට්‍රොනික් අංශයෙන් ඉදිරිපත් කරන්නකි.

රූපවාහිනී තුල තවත් එක් අංශයක් වන මතක පරිපථ(Memory ic)තුල ඇති මතකයන් අප බ්ලොගය හරහා බෙදාහැරීමටත්.ඔබසතු යම් දත්තයක් අපවෙත ලබාදී අපිට උදවු වන ලෙසත් ඉල්ලමු.

මේ සඳහා ඔබ කල උත්තේ පහත තිබෙන පරිපථය ගොඩනඟා පරිගනකයට එම දත්ත ලබාගෙන එය හුවමාරු කිරීමයි.ඉදිරි ළිපියෙන් එම මෘදුකාංගය සහ එක සිදුකරන අන්දම කියාදෙන්නම්.එතෙක් පරිපථය ගොඩනගා ගන්න.මේ ළිපි පෙලනම් ඉක්මනින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.(කාර්යය බහුලත්වය අඩුනිසා)

මෙහි වැදගත් කම:-ඉලෙක්ට්‍රොනික් ක්ශෙස්ත්‍රයේ ඔබ දන්නවා Memory ic එකක් පිළිස්සී ගියවිට එය සොයාගැනීමට තිබෙන අපහසුව.නමුත් පමනක් රූපවාහිනීවල හිස් එකක් යෙදුව විට ඒකට අනුව නැවත මතකය ලබාගන්නවා.ඒත් ගොඩක් රූපවාහිනීවල එසේ බැහැ.ඒනිසා අපත් සමඟ හුවමාරු කර ගැනීමෙන් දෙපාර්ශවයටම පහසුවක් ගෙනේවි.

ඔයාලගෙ අදහස් දාන්න.ඒ ක්‍රමය හොඳද,නරකද,කියලා.ඉලෙක්ට්‍රොනික් යාලුවෝ ඉන්නවානම් ඒ අයටත් කියන්න මේ දෙය.අප තවත් දේවල ඔබ සමඟ බෙදා හදා ගැනීමට බලා පොරොත්තු වෙනවා ලඟදීම.(TV\Radio Service Manual)

Tuesday, July 5, 2011

..:: අනාගතය ජයගන්වන්න වෙරදරන බටුහේන වෘත්තීය පුහුණු අධිකාරිය ::..

අද 2011 . ජූනි . 05. VTA බටුහේන බ්ලොග් අඩවිය සයිබර් යාය සිපගන්න සුභ මොහොතයිමේ.සබරගමු පලාතේ කුරුවිට නගරයට නොදුරින් පිහිටි බටුහේන නම් වූ සොඳුරු පාරිසරික වටපිටාවකින්හෙබි ගම් පියසක එක් මායිමක් ආරම්භවන මනරම් ස්ථානයක VTA  ආයතනයේ එක් ශාකාවක් වන බටුහේන VTA ආයතනය පිහිටා ඇත. කොළඹ - රත්නපුර මාර්ගයේ බටුහේන විද්‍යාලය අසලින් ගම තුලට වන්නට මෙය පිහිටා ඇත.

මෙම ආයතනය මඟින් ඉලෙක්ට්‍රොනික් , රූපලාවන්‍යය , යතුරුපැදි සහ ත්‍රීවීල් අලුත්වැඩියා සහ පරිගනක ඩිප්ලෝමා යන පාඨමාලා සතියේ දින පහ තුල පැවැත්වේ.

මෙතැන් පටන් දිගටම මෙම බ්ලොග් අඩවිය සිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ආයතනයේ තොරතුරු වලින් යාවත්කාලීන වෙමින් ඉදිරියටම පවත්වාගෙන යාමට ඔබගේ ආශීර්වාදය නොමඳව පතන්නෙමු.